මෙරට කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බවයි.

මේ වනවිට මෙරටින් වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 5,000කට ආසන්න පිරිසක් සොයා ගන්නා බව පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධිනී කරුණාරත්න කියා සිටියා.

විවිධ පිළිකා අතරින් මෙරට කාන්තාවන් බහුතරයකට වැළඳෙන පිළිකා තත්ත්වය ලෙස හඳුනාගෙන ඇත්තේ පියයුරු පිළිකාවයි.

එමෙන්ම, පියයුරු පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් පවතින්නේ, අවුරුදු 60ට වැඩි කාන්තා කාණ්ඩයට බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

තවද, අධික බර සහිත කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි බවත්, ව්‍යායාම නොකරන, ක්‍රියාශීලී අඩු පිරිසට මෙන්ම, මද්‍යසාර සහ දුම්පානය කිරීමද පිළිකා වැඩි වීමට හේතුවක් බව පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධිනී කරුණාරත්න පවසනවා.

ස්වයං පියයුරු පරීක්ෂාව, සායනික පියයුරු පරීක්ෂාව සහ විවිධ පරීක්ෂණ මගින් පියයුරු පිළිකා පරීක්ෂා කරගත හැකි බවත්, නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඇය සඳහන් කළා.

source :- https://shorturl.at/T7UDv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here