දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේ නිකුත් කර ඇති නිවේදනය අද (10) පස්වරු 04 දක්වා බල පැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, මතුගම, බුලත්සිංහල සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් අවදානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරන්නේ.

source :- https://shorturl.at/PHITD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here