
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් අඩු කරන ලද ත්රීරෝද රථ ගාස්තුව අපහසුවෙන් හෝ ක්රියාත්මක කරන බව ත්රීරෝද රථ රියදුරන් පවසනවා.
පසුගියදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ සිට ක්රියාත්මක වන පරිදි ත්රීරෝද රථ සදහා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 85 දක්වා අඩු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගත්තා.
කෙසේ වෙතත්, අමතර කොටස් සදහා වන වියදම තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය ද සිදු කළ මිල අඩු කිරීම ක්රියාත්මක කරන බවයි ත්රීරෝද රථ රියදුරන් පවසන්නේ.

source :- https://shorturl.at/TwhUj








