
බස්නාහිර පළාතේ ත්රිරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, පළමු කිලෝමීටරය සදහා අය කළ රුපියල් 100ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සිට අය කළ හැකි ගාස්තුව රුපියල් 85 දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
බස් රථ පරික්ෂා කරන නිළධාරීන් යොදවා ඉදිරියේදී ත්රිරෝද රථ පරික්ෂා කිරීම් සිදු කිරීමට සැලසුම්කර ඇතැයිද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ත්රිරෝද රථ කාර්යාංශයේ ප්රධානී ජීවින්ද කීර්තිරත්න සදහන් කළා.

source :- https://tinyurl.com/j4xec7uh







