අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 30 ක් දක්වා ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ සදහන් කළේ, සිය අමාත්‍යාංශය මගින් ලොකු ළුෑණු ආනයන බද්ද රුපියල් 40 කින් ඉහළ නැංවීමට නිර්දේශ කළ බවයි.

කෙසේ වෙතත් වෙළද අමාත්‍යාංශය මගින් එය රුපියල් 20 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද ලේකම්වරයා කියා සිටියා.

source :- https://shorturl.at/f2tHE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here