
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 93 ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 දැවී යාමෙන්.
ඩුබායි හි, Sharjah ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 03කට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.
අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 5ක්ද, හෂිනි පෙරේරා ලකුණු 2ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 16ක්ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ Megan Schutt කඩුළු 03ක්ද, Sophie Molineux කඩුලු 02ක්ද Ashleigh Gardner සහ Georgia Wareham එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමට සමත් වුණා.
ඒ අනූව පිළිතුරු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට 94 ඉලක්කයක් හිමියි.
source :- https://shorturl.at/fZiyW








