මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එමෙන්ම ඔහු කියා සිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවයි.

මේ අතර, 2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබාදීම, ධීවරයන් සදහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිග මුදලද සමග ඔක්තෝම්බර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සදහා වැඩි කළ දීමනාව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

source :-  https://tinyurl.com/43h9us64

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here