
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (04) දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී යාමෙන්.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ Stafanie Taylor පන්දු 41කදී ලකුණු 44ක්ද, Shemaine Campbelle පන්දු 21කදී ලකුණු 17ක්ද, Zaida James පන්දු 13කදී ලකුණු 15ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ Nonkululeko Mlaba කඩුළු 04ක්ද, Marizanne Kapp කඩුළු 02ක්ද, දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 119ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 17 පන්දු 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 119ක් රැස්කගනිමින් තරගය ජයගත්තා.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායක Laura Wolvaardt නොදැවී ලකුණු 59ක් ද, Tazmin Brits ලකුණු 57 ක්ද රැස් කිරීමට සමත් වුණා.
එමෙන්ම කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සිවුවැනි තරගය ලෙසින් ඉන්දීය කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම සහභාගීවන තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 07.30ට ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
source :- https://tinyurl.com/483mdy5e








