
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) මෙරටට පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.
ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අභිනව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන හමුවීමට නියමිතයි.
source :- https://tinyurl.com/4jjjbbx8







