කුරියර් සමාගමක් හරහා නිෂ්කාශනය කරන ලද භාණ්ඩ තොගයක් සමඟ කුෂ් ග්‍රෑම් 1883ක් ගෘහස්ත උණුසුම් කරන යන්ත්‍ර තුළ සඟවාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 19ක් ලෙසයි ගණන් බලා තිබෙන්නේ.

මෙම තොගය කැනඩාවේ සිට පිළියන්දල ප්‍රදේශයේ සමාගමකට ලැබී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙහිදී යන්ත්‍ර 06ක සඟවා තිබූ පාර්සල් 09ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

source :- https://tinyurl.com/5ew7u92w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here