අමෙරිකාවේ සී අයි ඒ බුද්ධි ඒජන්සිය මගින් චීනය, ඉරානය සහ උතුරු කොරියාවේ තොරතුරු සපයන්නන් බඳවා ගැනීම සඳහා නව මෙහෙයුමක් දියත් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය පවසන්නේ එය රුසියානුවන් බඳවා ගැනීමේ සාර්ථක උත්සාහයේ තවත් අදියරක් බවයි.

එක්සත් ජනපද ඔත්තු ඒජන්සිය විසින් එය ආරක්ෂිතව සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව X, Facebook, Instagram, Telegram, LinkedIn යන සමාජ මාධ්‍ය ජාලාවල සහ Dark Web හි සිය ගිණුම්වල මැන්ඩරින්, ෆාර්සි සහ කොරියානු භාෂාවෙන් උපදෙස් පළ කර ඇති බව CIA ප්‍රකාශකයෙක් සඳහන් කළ බවත් එම පුවත් වාර්තාව සඳහන් කරනවා.

“මෙම පෙරමුණේ අපගේ උත්සාහයන් රුසියාවේ සාර්ථක වී ඇති අතර, අපි ව්‍යාපාර සඳහා විවෘතව සිටින බව අනෙකුත් ඒකාධිපති පාලන තන්ත්‍රවල පුද්ගලයින් දැන ගැනීමට අපට අවශ්‍යයි” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

තව ද ලිඛිත උපදෙස් පමණක් ඇතුළත් මැන්ඩරින් භාෂාවෙන් යූ ටියුබ් වෙත පළ කරන ලද වීඩියෝවක්, විශ්වාසදායී සංකේතනය කළ අතථ්‍ය පුද්ගලික ජාල (VPNs) හෝ TOR ජාලය භාවිතයෙන් CIA වෙත එහි නිල වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ලෙස උපදෙස් දී ඇති බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ අදාළ දැන්වීමේ “ඔබේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ප්‍රමුඛතම සැලකිල්ලයි,” යනුවෙන් ද එහි සඳහන් බවයි.

source :- https://tinyurl.com/pkze99c8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here