
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේද, සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙනවා.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම කාර්යයේ නියැලෙන අතර, උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය සහාය සහ එම දරුවන් පාසල් වලට ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් කරනු ලබනවා.
එසේ වුවද තවදුරටත් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බවට වාර්තා වී තිබෙනවා.

2024 ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පවතියි.
මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝම්බර් මාසය පුරා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන්.
source :- https://tinyurl.com/9yfrhuv7







