රේගුවට සාමාන්‍ය මෝටර් රථ බව පවසමින් රුපියල් කෝටි දහස් ගණනක් වටිනා අති සුඛෝපභෝගි මෝටර් රථ 200 කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට නියෝග කළා.

එලෙස ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇති වාහන තොගය අතරින් මේ වන විට භාරදී ඇත්තේ වාහන 20 ක් පමණක් බවයි අල්ලස් කොමිසම එහිදී කියා සිටියේ.

මෙමගින් කෝටි 500ක පමණ බදු වංචාවක් සිදුවී තිබෙනවා.

එලෙස ආනයනය කළ රුපියල් කෝටි 06කට අධික වටිනාකමක් සහිත ජීප් රථයක් සමග එහි ලියාපදිංචි හිමිකරු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, එම රථය අල්ලස් කොමිසමට භාර දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබියදීත් එහි හිමිකරු එම නියෝගය පවා පැහැර හැර ඇති බවයි විමර්ශණ නිලධාරීන් කියා සිටියේ.

source :- https://tinyurl.com/2fphd9tz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here