තමන් කැමති ක්‍රීඩකයින්ට විශේෂ කොට සැලකීමේ කලාව තමා තුළ නොමැති බවත් සියලු ක්‍රීඩකයින්ට තමන් එක ලෙස සලකන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ (30) එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

“පුහුණුකරුවෝ ආවම ඔවුන් කැමති ක්‍රීඩකයෝ හිටියා. මට එහෙම වුණොත් මේක කරන්න වෙන්නේ නැහැ. මේ ඔක්කෝමලා එක වෙන්න ඕනේ. මම අවශ්‍ය දේ සියලුදෙනාටම එක විදිහට කියනවා, තේරුම්කරලා දෙනවා හොඳ සහ නරක දෙක. ඒක ඒ කට්ටිය දන්නවා. මම කියන්නේ ආදරෙන් කිසිම තරහක් නැහැ කිසිම කෙනෙක් එක්ක. හැබැයි මට favoritesලා නැහැ. මට මෙයා හොඳයි, මෙයා තියාගන්න ඕනේ… ඒක කළොත් මට පුහුණුකරු ධුරය කරන්න බැහැ.  මේ ජොබ් එකේ තිබුණු ප්‍රශ්නාර්ත ලකුණු තමයි ලංකාවේ මේ ජොබ් එකට ආව හැම කෙනෙක්ම මෙන්න මේ ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්දෝ කියන කතාව. හරිනේ මම කියන එක. ඒ හින්දා තමයි අපි පිටින් පුහුණුකරුවෙක් ගෙනාවේ. හොඳ හෝ නරක හෝ ලොකු වියදමක් කරගෙන එයාට ගෙවාගෙන ඉන්නවා. එහෙම කළොත් කවදාවත් ලාංකිකයෙක්ට පුහුණුකරුවෙක් වෙන්න බැහැ.”

source :- https://tinyurl.com/mte8f6wh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here