පුගොඩ පොලිසියට ලද තොරතුරක් මත හරක් පටවා ගත් ලොරියක් පසුපස ලුහු බදිමින් ගොස් ලොරියේ ගමන් ගත් අයෙකුට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (30) අලුයම අදාළ සිදුවීම පානදුර උතුර පොලිස් වසම අසලදී සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

එම ලොරියේ හරක් සිව් දෙනෙකු පටවා ගෙන සිටි ඇති බව පොලිසිය කියා සිටියා.

මෙම හරක් කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය කියා සිටියා.

පුගොඩ පොලිස් නිලධාරින් විසින් ලොරිය ලුහු බදිමින් පානදුර ප්‍රදේශයටම පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ලොරියේ ගමන් ගත් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු නිව්ස් වෙත කියා සිටියා.

source :- https://tinyurl.com/zzjj8vn9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here