
ජැමෙයිකාවේ අග්‍රාමාත්‍ය Andrew Holness අද ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු ඔක්තෝබර් 3 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ජමයිකා අග්‍රාමාත්‍යවරයා එලෙස ඉන්දියාවට පැමිණෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්.

මෙය ඔහුගේ පළමු ඉන්දීය සංචාරය වන අතර ජැමෙයිකාවේ අග්‍රාමාත්‍යවරයෙකුගේ පළමු ද්විපාර්ශ්වික සංචාරය ද වනවා.
මීට පෙර, අගමැති මෝදි සහ අගමැති හොල්නස් බහුපාර්ශ්වික රැස්වීම්වලට සමගාමීව කිහිප වතාවක්ම හමුවී ඇත.
සංචාරය අතරතුර, හොල්නස් අගමැති මෝදි සමඟ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වනු ඇති අතර ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් හමුවනු ඇත.
මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයට අනුබල දෙමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ
source :- https://tinyurl.com/bdfj23p2








