2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවා අවසන් කිරීමට ලබාදී ඇති කාලසීමාව අදින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සියලු ආදායම් බදු ගෙවා අවසන් කිරීමට පසුගිය සිකුරාදා සිට අද දක්වා අවස්ථාව ලබාදී ඇති අතර, එම නියෝග කඩකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

යම් තැනැත්තෙක් බදු ගෙවීම පැහැර හරින්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහය පොලියකට යටත් වන බවත්, එම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කළා.

එමෙන්ම හිඟ බදු බදු පවතීනම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

source :- https://tinyurl.com/2s3pwbww

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here