අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන වැසි තත්ත්වය හමුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට එම තත්වය බලපැවැත්වෙනු ඇති බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/62bbje3r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here