ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත අනුව පසුගිය මාසයේ මෙරට අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් මිලියන 1,165.4ක් ලෙස සටහන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 4.18ක වර්ධනයක්.

ඇඟලු‍ම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත අපනයනය ඉපැයීම් ඉහළ යාම හේතුවෙන් එම වර්ධනය පෙන්නුම් කර තිබෙනවා.

වසර දෙකකට පසුව ඇඟලු‍ම් සහ රෙදිපිළි අපනයනය මේ වසරේ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ඇති බව සඳහන්.

එමෙන්ම පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ අපනයන කාර්ය සාධනය ද සියයට 3.1 කින් වැඩිවී තිබෙනවා.

source :- https://tinyurl.com/3t2zkynv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here