උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියටයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක දැමූ යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබෙනවා.

එහිදී මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එම පොලිතින් උරවල දමා තිබු අසුචී වැදි ඇති බව පැවසෙනවා.

අනතුරුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කරගෙන ඇත්තේ.

පසුව තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසූචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කර තිබෙනවා.

අනතුරුවයි දුම්රිය බදුල්ල දක්වා ධාවනය කොට ඇත්තේ.

මෙහිදී නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් මේ සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

source :- https://tinyurl.com/kte988ey

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here