ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 88ක් පමණයි.

එය ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එහිදී Mitchell Santner ලකුණු 29ක්ද, Daryl Mitchell ලකුණු 13ක්ද, Rachin Ravindra ලකුණු 10ක්ද රැස් කළා.

ප්‍රභාත් ජයසූරිය 9 වැනි වතාවටත් ටෙස්ට් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු ලකුණු 42ක දී කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුණා.

මේ අතර සිය ප්‍රථම ටෙස් තරගය ක්‍රීඩා කළ නිසාන් පීරීස් ලකුණු 33කට කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

source :- https://tinyurl.com/3zr8mkku

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here