ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිලියක් වන රියා බාර්බේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සමග ඇගේ මව සහෝදරයා සහ සහෝදරිය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයට මෙම ව්‍යාජ ලියකියවිලි සකසා දී ඇත්තේ අමරාවතී ප්‍රදේශයේ පුද්ගලයකු බවයි.

දුරාචාර වැළකීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධව නඩුවක්ද ඇයට එරෙහිව මීට කලින් පවරා තිබෙනවා.

source :- https://tinyurl.com/4hkdr4hh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here