2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ලබන පෙබරවාරි මාසයේ සිට සියලු‍ වාහන ආයනය කිරීම සඳහා පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු ගැටළුවක් මතු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවන් නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සුදුසු බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/y9wkk3fh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here