සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඉන් සියයට 21.6 ක්ම ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 21,607ක් බවයි.

මීට අමතරව බි්‍රතාන්‍යයෙන් සංචාරකයින් 7,496ක්, ජර්මනියෙන් 6,651ක් සහ චීනයෙන් 6,640ක් අදාළ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂ 62,623 ක්.

source :- https://tinyurl.com/yc7pj9w5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here