
මහනුවර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී ඊයේ (27) සවස 03.50ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පෞද්ගලික බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ ඉවතට පැන පසෙකින් ඇති වේල්ලෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරා සහ පාසැල් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි.
source :- https://tinyurl.com/3sszetz8







