
වෑන් රථයක්ත්‍රීවීල් රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මොනරාගල – බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් අනතුර සිදුව ඇති බවයි මොනරාගල පොලීසිය පවසන්නේ.
බණ්ඩාරවෙල සිට මොනරාගල තැපැල් කාර්යාලය දක්වා තැපැල් මළු රැගෙන යන වෑන්රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

එම වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හොරොම්බුව හංදිය අසලදී රථය මාර්ගයෙන් පිටට යාමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහිදී එම ස්ථානයේ රථගාලේ නතරකර තිබූ ත්‍රීවීල්රථ දෙකක ගැටී තිබෙනවා.
ඒ සමගම පෙර පාසලට ගොස් ආපසු නිවෙස්වලට යාමට බසයක් එනතුරු බලා සිටි පෙරපාසල් ළමුන් දෙදෙනෙකු සහ මවක් යටකරගෙන ගොස් අසල තිබූ වෙළෙඳසැලක ගැටී නතරවී ඇති බවයි පොලිසිය පැවසුවේ.
තුවාලකරුවන් සිව්දෙනා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර ත්‍රීරෝද රථයේ සිටි රියදුරුගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ
මොනරාගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
source :- https://tinyurl.com/586kuxr9







