
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පසුගිය මස 28 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

source :- https://tinyurl.com/mr3kth5f







