වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවය.

ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේය.

source :- https://tinyurl.com/4seutrt6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here