උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

මෙම සිදුවිම හෙළිදරව් විමෙන් පසුව සැකකාර විදුහල්පතිවරයා අත්අංඩගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය 19 වැනිදායි.

එහිදි විදුහල්පතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

තිදෙරු පියෙකු වන මෙම විදුහල්පතිවරයාට වයස අවුරුදු 42ක්.

එමෙන්ම මෙම සැකකාර විදුහල්පතිවරයා විසින් සිසුවියට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු කියා දෙන බව පවසමින් මෙලෙස සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ අදාළ විදුහල්පතිවරයා මේ වන විටත් පාසලේ සේවයට පැමිණෙන අතර ඔහු වෙනුවෙන් පාසලේ තවත් ගුරුවරු පිරිසක් සහයෝගය දක්වන බවයි.

ඔහු පාසලේ තවදුරටත් තබා ගැනීම හරහා දරුවන් අනාරක්ෂිත බැවින් ඔහුට විරුද්ධව නිතීය ක්‍රීයාත්මක කර අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය ඒ වෙත යොමු කර සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/4xw7uuy6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here