ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය සහ සපත්තු පන්ති කාමරය අසලත් දමා ගොස් ඇති බව සඳහන්.

55 හැවිරිදි ගෝවින්ද් නැට් නමැති මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා හය හැවිරිදි දැරියගේ සිරුර ඇගේ පාසල් පරිශ්‍රයේ තිබී සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ඇය හුස්ම හිරවී මිය ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරා ඇති අතර, විමර්ශනය සඳහා කණ්ඩායම් 10ක් යොදවා ඇති බවටයි වාර්තා වෙන්නේ.

දැරියගේ මව පොලිසියට පවසා ඇත්තේ, ඇය සෑම දිනකම විදුහල්පතිවරයා සමග පාසල් ගිය බවයි.

දැරිය පාසලට දමා තමා වැඩකට ගිය බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පොලිසියට පවසා ඇත්තේ.

සිද්ධිය වූ දිනයේ ගෝවින්ද් නැට්ගේ දුරකථන ස්ථාන තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු එදින පාසලට ප්‍රමාද වී පැමිණ ඇති බවයි.

පසුව පොලිසිය සිදු කළ ඔහුව ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අපරාධය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පාසල් යාම සඳහා දැරිය විදුහල්පතිවරයාගේ මෝටර් රථය වෙත මව විසින් ඇරලවා ඇති අතර, නමුත් ඇය පාසලට නොපැමිණි බව ඇයගේ ගුරුවරුන් සහ යහළුවන් පවසා ඇති බව පොලිසිය පවසනවා.

පාසලට යන අතරමගදී විදුහල්පතිවරයා ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති අතර, ඇය කෑ ගැසීමට පටන් ගත් පසු කෑගැසීම වැළැක්වීමට විදුහල්පතිවරයා දැරියගේ හුස්ම හිර කර බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව පාසලට පැමිණි විදුහල්පතිවරයා දැරියගේ සිරුර සිය මෝටර් රථයේ තබා වාහනය අගුලු දමා ඇති අතර, සවස 5ට පමණ ඔහු ඇගේ සිරුර පාසල් ගොඩනැගිල්ල පිටුපස දමා පාසල් බෑගය සහ සපත්තු ඇගේ පන්ති කාමරය අසලින් තබා තිබෙන බව සඳහන්.

විදුහල්පතිවරයා සිද්ධිය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කර ඇති නමුත් තාක්ෂණික විශ්ලේෂණයෙන් පසුව පොලිසිය ඔහුව සැකකර තිබෙනවා.

ඒ අනුවයි පසුව ඔහු සිද්ධිය පාපොච්චාරණය කර ඇත්තේ.

source :- https://tinyurl.com/y8dmw825

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here