අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 1.1ක් දක්වා අඩුවී තිබෙනවා.

පසුගිය ජුලි මාසයේදී එය දැක්වුණේ සියයට 2.5ක් ලෙසයි.

ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.3ක් දක්වා අඩුවී ඇති අතර, ජූලි මාසයේදී එය දැක්වුණේ සියයට 2.9ක් ලෙසටයි.

එමෙන්ම, ජුලි මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සියයට 2.2ක් ලෙස වාර්තාවූ අතර, අගෝස්තු මාසයේ දී එය සියයට බින්දුවයි දශම දෙකක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

source:- https://tinyurl.com/4dv9t2em

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here