යාපනයේ අරාලි ප්‍රදේශයේ ධීවරයෙකු ඔහුගේ ඔරුව පෙරළීමෙන් මිය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අරාලි මධ්‍ය ප්‍රදේශයේ පදිංචි සී.නාගරාසා නැමති සිව්දරු පියෙකු වන එම ධීවරයා ධීවර රස්සාවට ගොස් පසු දින උදෑසන නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබදව අනෙක් ධීවරයින්ට දැනුම් දී තිබෙන බවය.

ඒ අනුව ධීවරයින් ඔහුව සොයා යනවිට යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඔරුව පෙරළීම නිසා ඔහු මියගොස් ඇති අන්දම දැක වහාම ඒ බව වඩුක්කෝඩෙයි පොලීසියට් දැනුම් දී තිබෙනවා.

පොලීසිය පැමිණ ධීවරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/y7e9usxd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here