
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (23) පෙරවරුවේ හදිසි බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 28 දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසෙනුයි මේ සිදුවීම වාර්තා වන්නේ.

තේ දළු නෙළමින් සිටියදී තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ක්ෂණිකව ඇවිස්සීමෙන් පසුව බඹර ප්‍රහාරය එල්ලවූ බවයිෙම කාන්තාවන් පවසන්නේ.
මෙහිදී එම ස්ථානයේ සේවයේ යෙදී සිටි වතු කේෂත්‍ර නිලධාරියෙකුද බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ ආරංචි මාරග පවසන්නේ.
source :- https://tinyurl.com/ascawvfk







