මාලිගාවත්ත, සද්ධර්ම මාවත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම පාතාල නායකයෙකු බව කියන කංජිපාන ඉමරාන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ එකක් බවට ආරක්ෂක අංශ සැක පහළ කරනවා.

පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්‍රධාන ගෝලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි මාලිගාවත්ත පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ සිරාන් බාසික් නමැත්තාට අයත් හෝටලයක් පවත්වාගෙන ගිය අයෙක් බවද අනාවරණය වී තිබෙනවා.

සී.සි.ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

source :- https://tinyurl.com/3e7b5dtk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here