
මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
අදාළ කාන්තාව සිය නිවසෙහි රැදී සිට ඇති අතර ඇයට මන්නා පිහියකින් පහරදී ඝාතනය කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියක්.

මෙම ඝාතනය එම නිවසේ පෙර රියදුරු ලෙස සේවයේ කළ පුද්ගලයා විසින් සිදුකර ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.
source :- https://tinyurl.com/3rcfb4uz







