ජනාධිපතිවරණයට අදාළ නීති කැඩු 10ක් අත්අඩංගුවට අද දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

එමෙන්ම මැතිවරණ පැවැත්වෙන අද දිනයේදී කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කල 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මේ බව පැවසුවේ අද (21) මාධ්‍ය හමුවක් කැඳවමින්.

එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොතුවිල්, ඉඹුල්ගඩ, ත්‍රිකුණාමලය, ගිරිදුරුකොට්ටේ, කටුපත සහ වඳුරඹ යන ප්‍රදේශයේ පුද්ගලයින් වන බවයි.

තෙල්ගොඩ සහ බේරුවල ප්‍රදේශයේ ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කල 02 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

යාපනය ප්‍ර දේශයේ ඡන්ද පත්‍රිකාවට හානි කල අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මෙහිදී කියා සිටියා.

තවද ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරියෙකුට පහර දීමට අදාළ බිමත්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

source :- https://tinyurl.com/ycx7zm92

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here