එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මස පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා යන ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත්.

එමෙන්ම උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා සහ සුගන්දිකා කුමාරි ද සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩිකාවන්.

මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

source :- https://tinyurl.com/5yzwwbvv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here