තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් වහාම සටන් විරාමයකට එකඟ වන ලෙසට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානවලින් ඉල්ලීමක් කළ බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

එමෙන්ම ‘තාක්ෂණික යුද්ධය‘ අවසන් කරන ලෙස ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තාවනවා.

ගතවූ දින දෙක තුළ සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ 40 කට ආසන්න පිරිසක් මියගොස් 3,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

source :- https://tinyurl.com/bdexpby4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here