ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය පසුගිය අගෝස්තු මාසයේදී සම්බල්පූර් ඇල්බමයක රූගත කිරීම් සඳහා බලන්ගීර් වෙත ගොස් ඇති අතර, එහිදී ඇය හදිසියේම අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරනවා.

රුක්සානා ස්ක්‍රබ් ටයිෆස් රෝගයට ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීහු පැවසුවද, ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළිකර නොමැති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, ඇයගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ මෙම මරණය සැලසුම් සහගත ඝාතනයක් බවයි.

අගෝස්තු මාසයේ බලන්ගීර් ප්‍රදේශයේ පැවති රූගත කිරීම් අතරතුර ඇයට බීමට ලබා දුන් පානයට වස මිශ්‍ර කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඔවුන් මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත්තේ සුප්‍රසිද්ධ සම්බල්පුරි ගායකයෙකුට එරෙහිවයි.

source :- https://tinyurl.com/y3hv9we3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here