මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා.

මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ගම්බිම් බලා යෑමට යොදවා ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවයි මගීන් චෝදනා කළේ.

අප මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂිකා ෂෙරීන් අතුකෝරළගෙන් විමසීමක් කළ අතර ඇය කියා සිටියේ අද දිනයේ මගී ඉල්ලුමට අනුව කාලසටහනින් බැහැරව අමතර බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බවයි.

source :- https://tinyurl.com/mtudsptt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here