
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලගේ විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලට අදාළ ණය සියයට 05 ත් 07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගත් බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එම ප්‍රතිශතය සියයට 8.2ක් දක්වා ඉහල නංවා පසුව එය සියයට 7.4 ක් දක්වා අඩු කිරමට රජය කටයුතු කර ඇති බව පෙත්සමේ සඳහන් වෙනවා.
මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 16.4 ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
මෙම ණය මුදල් ඇමරිකානු නීතිය යටතේ ලබාගෙන තිබුණද ඒම ණය වලින් කොටසක් කප්පාදු කිරීමට හැකියාව තිබියදී රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකොට පොලී ප්‍රතිශතය ඉහල නැංවීම හරහා මෙරට ජනතාවට විශාල අගතියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
ඒ අනුව අදාල ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
source :- https://tinyurl.com/ysw2zhv9







