පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ.

නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එහිදී සැකකරුවන් සතුව තිබී සේවා නූල් සවි කරන ලද ඩෙටනේටර් 05ක්, වෝටර් ජෙල් කූරු 03ක් සහ වයර් රෝලක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 49, 50 සහ 65 යන වයස්වල පසුවන කටුගස්තොට, ගම්පොළ, ඇළහැර හා උඩලගවින්න ප්‍රදේශයවල පදිංචිකරුවන් වේ.

නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

source :- https://tinyurl.com/33e77ehj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here