
පොළොන්නරුව මහියංගණය මාර්ගයේ ලත්පඳුර හන්දිය පාලම මත දී පොළොන්නරුව දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් පිටතට පැන ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටී ඊයේ (17) අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ ත්රී රෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන්ගත් ඔහුගේ බිරිඳ, පිරිමි දරුවා හා සහෝදරයෙකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 1/2ක් වූ බක්මීදෙනිය, දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචි දරුවෙක්.

මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
එම අනතුරින් වෑන් රථයේ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයෙකු ද තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්රතිකාර ලබනවා.
එමෙන්ම පසුව වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/kxc7jjut







