මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත්, ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවත්ය.

කෙසේ වෙතත් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් අදාල පොලිස් නිලධාරියා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබුනා.

නමුත් ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි.

එමෙන්ම ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාලිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවත් දියවඩන නිළමේවරයා සඳහන් කර සිටියා.

source :- https://tinyurl.com/2eta3m99

GalleryGalleryGalleryGalleryGallery

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here