අනුරාධපුරය – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමග වංගුව ගැනීමේදී එක්වරම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය අනතුර රියැදුරා විසින් වළක්වාලීමට ගත් උත්සාහයකදී බාධකය පසුකරමින් ඉදිරියට පැමිණි ත්‍රීරෝද රථයක් හා ගැටීමෙන් රථ දෙකම ඉදිරියට ඇදීගොස් පෙරලී මෙසේ අනතුරට පත්ව ඇත්තේ.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හා වෑන් රථයේ පැමිණි රියැදුරුවරිය බරපතල තුවාල ලබා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/4z9h8rp3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here