ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ දේශගුණික ක්‍රියාමාර්ග දියුණු කිරීම යන්නයි.

1985 වසරේ මාර්තු 22 වැනිදා ඔස්ට්‍රියාවේ වියනා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සම්මුතියේදී ඊට සහභාගි වූ රටවල් 28ක එකඟතාවෙන් ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනයක් සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබුණා.

අනතුරුව 1987 වසරේ සැප්තැම්බර් මාසයේදී කැනඩාවේ මොන්ටි්‍රයෙල් නුවරදී අත්සන් තැබුණු මොන්ටි්‍රයෙල් ප්‍රොටොකෝලය හරහා ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ප්‍රධාන ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණා.

පෘථිවිය වෙත සූර්යයාගෙන් එල්ල වන අහිතකර කිරණවලින් ආරක්ෂා වීම සඳහා ස්වාභාවිකවම නිර්මාණය වූ ආවරණයක් ලෙස ඕසෝන් වියන ක්‍රියාත්මකයි.

මෙම ඕසෝන් වියන වෙත හානි සිදු කරමින් එහි සිදුරු ඇති කරවන සී එෆ් සී හෙවත් කාබන් ෆ්ලු‍රෝ කාබන් ඇතුළු අහිතකර වායු වර්ග පරිසරයට මුදා හැරීම නැවැත්වීම මෙම සම්මුතියන් හරහා එකඟතාවකට එළඹ තිබෙනවා.

source :- https://tinyurl.com/4p4nrc5v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here