
ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ ස්පේස් එක්ස් පොලාරිස් ඩෝන් කාර්ය මණ්ඩලයේ ගගනගාමීන් හතර දෙනා රැගත් යානය යළි පෘථිවියට පැමිණ තිබෙනවා.
පෘථිවි වායුගෝලයට ඇතුළු වූ ඩ්‍රැගන් කැප්සියුලය සෙල්සියස් අංශක 1,900 උෂ්ණත්වයට ළඟා වෙමින් පැයට කිලෝමීටර 27,000 පමණ වේගයෙන් පැමිණ පැරිෂුටයක් මගින් ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයට පතිත වූ බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ලොව මුල්ම සිවිල් ගගනගාමීන් හතර දෙනා රැගත් මෙම අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා දිනයේයි.

ඔවුන් පෘථිවිය වටා පවතින ඉහළම කක්ෂයට ළඟා වෙමින් නාසා ආයතනය මීට පෙර තැබූ වාර්තාවක් ද අභිබවනු ලැබුවා.
එමෙන්ම අභ්‍යවකාශයේ සිය පළමු ඉතිහාසගත ආහාර වේල ලබාගත් ඔවුන් ලොව පළමු වාණිජ අභ්‍යවකාශයේ ඇවිද යමින් නව වාර්තාවක් ද පිහිටුවීමට සමත්වුණා.
source :- https://tinyurl.com/f4t99j95








