කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (15) අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් දෙකක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/3z34k97t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here