දෑවැද්ද ලෙස බයිසිකලයක් සහ රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා නොදීම නිසා සැමියා විසින් සිය බිරිඳ පහර දී මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බයිකෙඩා ගම්මානයේ පදිංචි සුන්දර් මීට වසර දෙකකට පෙර මීනා සමඟ විවාහ වී ඇති අතර, එතැන් සිට ඇයගෙන් දෑවැද්ද ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු ඇයට හිරිහැර කිරීමට පවා පුරුදුව සිටි බව ඇය සිය පියාට පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

මීනා නැවතී සිට ඇත්තේ සොහාර්කාහි පිහිටි ඇගේ පියාගේ නිවසේයි.

සුන්දර් සෑම දිනකම ඇය බැලීමට ගොස් ඇති අතර, එම නිවසේදී ආහාර පවා ලබා ගන්නා බවයි පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ.

ඔහු ඊයේ රාත්‍රියේද ඇයව බැලීමට ගොස් ඇයව සිය නිවසට රැගෙනවිත් ඇති අතර, එහිදී ඔහු දෑවැද්ද සම්බන්ධයෙන් ඇය හා ගැටී ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

දෑවැද්ද සකසා ගැනීමට නොහැකි වීම නිසා ඔහු ඇයට පොලුවලින් පහර දී ගෙල මිරිකා මරා දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙන බව පැවසේ.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා ඇති අතර, පසුව කාන්තාවගේ පවුලේ අය පොලිසියට පැමිණ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, ඇයගේ පවුලේ අයගේ පැමිණිල්ල මත පොලිසිය නඩුවක් පවරා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/4u6s2z67

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here