
ඉන්දීය අගමැතිතුමාගේ නිල නිවස පිහිටා ඇත්තේ අංක 07, ලොක් කල්‍යාන් මාර්ග් හිය. සාමාන්‍යයෙන් කියන්නේ රේස්කෝස් පාර කියාය.
පසු ගිය දිනයන්හි මෙකී නිවස පිළිබද වැඩි කතා බහක් ඇති උණි.ඒ අග්‍රමාත්‍ය නිල නිවසට අලුත් අමුත්තෙක් එකතු වී ඇති බවයි.
නරේන්ද්‍ර මෝදි ගේ මහත් ආදරයට සහ අවධානයට ලක් වූ ඒ නව අමුත්තා නළලේ සඳ ලකුණක් සහිත අලුත උපන් වසු පැටවෙකි. මේ වසු පැටවා ඉපදී තිබුනේ නිල නිවසට අයත් ගව ගාලේ එළදෙනකට දාවය.

මේ සඳ ලකුණ සහිත වසුපැටවා සුරතල් කරන, වසුපැටවා සමග සක්මන් කරන එම වසු පැටවා සිඹ සනසන මෝදිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන්ස්ටග්‍රෑම් සහ X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ඔහු බෙදා හැර තිබිණි.
ගව පැටවා මෝදි විසින් නම් කර ඇත්තේ දීජ්‍යෝති නමිනි. උගේ හිසේ ඇති සඳ ලකුණ දේවානුභාවය ප්‍රකාශ කරන්නක් සේ සලකා එය ප්‍රමුඛ කරගෙන මෙසේ දීජ්‍යෝති නමින් ඌ නම් කර තිබේ.
අගමැති මෝදි තම පවුලට නව සාමාජිකයෙකුගේ එකතු කිරීමක් ප්‍රකාශ කරන්නේ ශුද්ධ පාඨයක් සඳහන් කරමිනි. “ගාව්: සර්වසුඛ ප්‍රදා:” එම ශුද්ධ පාඨයයි. ගවයා සිය නිවහනට ගෙන ඒම සම්බන්ධව අදහස් දක්වමින් ශුද්ධ පාඨයේ අර්ථය දක්වා “එය අපගේ ශුද්ධ ලියවිලිවල සඳහන් වේ” යැයි මෝදි කීයා සිටියේය.
source :- https://tinyurl.com/3n9hnyd9









